කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ලේ සිටි නාවිකයන් 200 ක් නිරෝධායනයට

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ලේ රදවා සිටින නාවික හමුදා සමාජිකයකුට COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග එම ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවත් හුදෙකලා කරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුර සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ වැලිසර රෝහලේ අවශ්‍යතා සැපයිම සඳහා යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා භට පිරිස බාහිර සමාජය සමග මිශ්‍ර නොවන අයුරින් ආරක්ෂා සහිතව එම ගොඩනැගිල්ලේ රඳවා සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සදහක් කරයි.

error

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

INSTAGRAM
EMAIL
FACEBOOK
FACEBOOK
PINTEREST
PINTEREST